22/08/2026
16 පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඔප්නැංවීමේ අරමුනින් වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ ආරාධිත පාසල් හොකී පුහුනු තරග මාලාව 2026 අගෝස්තු මස 22 වන සෙනසුරාදා දින එනම් අද දින වෙන්නප්පුව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගනයේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
එම තරගාවලියට ප්‍රමුඛ පෙලේ කාන්තා හා පිරිමි හොකී කන්ඩායම් 11 ක් සහභාගී වූ අතර ඉතා උද්‍යෝගිමත් හා උනුසුම් තරගගාවලියක් දක්නට ලැබින.
🔴පිරිමි
🔸ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
🔸රාජකීය විද්‍යාලය කොළඹ
🔸සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව
🔸මාරිස්ටෙලා විද්‍යාලය ගම්පහ
🔸මාරිස්ටෙලා විද්‍යාලය තිබිරිගස්කටුව
🔸සාන්ත ඇලෝසියස් විද්‍යාලය ගාල්ල
🏑DVP vs Maris Stella Thibirigaskatuwa
01 - 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs St josep vas Wennappuwa
00 - 00
(Match is DRAW))💐💐💐👏👏
🏑DVP vs St Alysius Galle
03- 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs Royal collage Colombo
00 - 00
(Match is DRAW))💐💐💐👏👏
🔴කාන්තා
🔸ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
🔸ශුද්දවූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව
🔸රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ
🔸සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය ගාල්ල
🔸බෞද්ධ කාන්තා විද්‍යාලය වෙන්නප්පුව.
🏑DVP vs Buddis leadis Wennappuwa
01 - 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs Rathnawali Balika
00 - 02
(Lose by DVP)
🏑DVP vs Holly Family Convenient
01 - 01
(Match DRAW)💐💐💐👏👏
සහභාගී වූ සියලුම කන්ඩායම් සදහා අපගේ උනුසුම් සුභපැතුම් පිරිනමන අතර මෙම පුහුනු තරගාවලිය සංවිධානය කල වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට හා එම විද්‍යාලයේ හොකී ප්‍රධාන පුහුනු උපදේශක තුමන් මිලාන් බොතේජු මහතාට අපගේ හදපිරි ස්තූතිය......🙏🙏👍👍👍💪💪💪❤️❤️❤️💯🏑🏑🏑🏑
15/08/2026
16 පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා ඔප්නැංවීමේ අරමුනින් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ ආරාධිත පාසල් හොකී පුහුනු තරග මාලාව 2026 අගෝස්තු මස 13 වන බ්‍රහස්පතින්දා දින තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී සාර්ථක අන්දමින් පැවැත්විණි.
එම තරගාවලියට ප්‍රමුඛ පෙලේ කාන්තා හා පිරිමි හොකී කන්ඩායම් 11 ක් සහභාගී වූ අතර ඉතා උද්‍යෝගිමත් හා උනුසුම් තරගගාවලියක් දක්නට ලැබින.
🔴පිරිමි
🔸ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
🔸ඩී. එස් සේනානාය්ස්ක විද්‍යාලය කොළඹ
🔸සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව
🔸මාරිස්ටෙලා විද්‍යාලය ගම්පහ
🔸මාරිස්ටෙලා විද්‍යාලය තිබිරිගස්කටුව
🔸සාන්ත පීතර විද්‍යාලය කොලඹ
🏑DVP vs Maris Stella Negombo
01 - 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs Maris Stella Thibirigaskatuwa
01 - 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs St Peters Colombo
01 - 02
(Lose by DVP)
🏑DVP vs Josep Vas Wennappuwa
0 - 01
(Lose by DVP)
🔴කාන්තා
🔸ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය
🔸ශුද්දවූ පවුලේ කන්‍යාරාමය වෙන්නප්පුව
🔸රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ
🏑DVP vs Rathnawali Balika
01 - 00
(Won by DVP)💐💐💐👏👏
🏑DVP vs Holly Family Convenient
02 - 00
(Won by DVP)💐💐💐👏👏
සහභාගී වූ සියලුම කන්ඩායම් සදහා අපගේ උනුසුම් සුභපැතුම් පිරිනමන අතර මෙම පුහුනු තරගාවලිය සංවිධානය කල තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයට අපගේ හදපිරි ස්තූතිය......🙏🙏👍👍👍💪💪💪❤️❤️❤️💯🏑🏑🏑🏑
02/08/2026
2026/08/01 දින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී 175 වන සංවත්සරය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ Thomian 9's 16 පහල අන්තර් පාසල් හොකී ශූරතාවය 2026 තරගාවලියේ බාලිකා අංශයේ 4 වන ස්තානය දිනාගැනීමට අප විද්‍යාලයීය 16 පහල කාන්තා කන්ඩායම සමත් විය....👏👏👏👏👏👏👏
තවද අප බාලිකා කන්ඩායමට "සාධාරණ ක්‍රීඩා කණ්ඩායම (Fair Play Team)" කුසලානයද හිමිවිය.
ප්‍රමුක පෙලේ තරගකාරී පාසල් අභිබවා තවත් ජයග්‍රාහි අවස්තාවක් අප විද්‍යාලයට හා හොකී ක්‍රීඩාවට ලැබීම මහත් සතුටට කරුනක් වනු ඇත.❤️❤️❤️❤️
මෙම ජයග්‍රහනය ලබාගත් අප විද්‍යාලයීය 16 පහල බාලිකා කන්ඩායමට අපගේ හදපිරි සුභ පැතුම්. 💐💐💐💐👏👏👏👏👏👏👏👏👏👏
our Under-16 Girls' Hockey Team won 4th place in the Girls' Division at the Thomian 9's U-16 Inter-School Hockey Championship 2026!
This tournament was organized by S. Thomas' College, Mount Lavinia, at their college grounds to mark their 175th Anniversary. 👏👏👏👏👏👏👏
Additionally, our girls' team was awarded the "Fair Play Team" trophy.
It is a great joy for our school and our hockey program to achieve another victory among top competing schools. ❤️❤️❤️❤️
A heartfelt congratulations to our U-16 Girls' Team on this fantastic achievement! 💐💐💐💐👏👏👏👏👏👏👏👏👏👏
31/07/2026
ධර්මපාල විද්‍යාලයීය හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා වර්ධනය කරගැනීම සදහාත්, අනෙකුත් පාසල් කන්ඩායම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුනින් 2026. 07. 30 බ්‍රහස්පතින්දා දින අප පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිරිමි 16 පහල කන්ඩායම හා 18 පහල කන්ඩායම් සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර සුහද හොකී තරග කිහිපයක් අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්වීය.
- Under 18 (Boys) - 1st Match
Dharmapala BOYS VS POW BOYS
- 04 - 02 (ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐
- Under 18 (Boys) - 2nd Match
Dharmapala BOYS VS POW BOYS
- 02- 01 (ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐
- Under 16 (Boys) -
Dharmapala BOYS VS POW Under 18 BOYS
- 00- 01 (ධර්මපාල විද්‍යාලය පරාජය වන ලදී)
- Under 18 (Girls) -
Dharmapala Girls VS POW BOYS
- 00- 05 (ධර්මපාල විද්‍යාලය පරාජය වන ලදී)
👏👏👏👏👏👏👏👏👏👏👏🎊️🏑🏆️💪❤️
24/07/2026
ධර්මපාල විද්‍යාලයීය හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා වර්ධනය කරගැනීම සදහාත්, අනෙකුත් පාසල් කන්ඩායම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුනින් 2026. 07. 23 බ්‍රහස්පතින්දා දින අප පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිරිමි 16 පහල කන්ඩායම හා 18 පහල කන්ඩායම් සහ කොලඹ ඉසිපතන විද්‍යාලය අතර සුහද හොකී තරග කිහිපයක් අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්වීය.
- Under 16 (Boys) -
Dharmapala BOYS VS Isipathana BOYS
- 02 - 02 (ජය පරාජයකින් තොරව තරගය නිමාවන ලදී - DROW
- Under 18 (Boys) -
Dharmapala BOYS VS Isipathana BOYS
- 01- 02 (ධර්මපාල විද්‍යාලය පරාජය වන ලදී)
👏👏👏👏👏👏👏👏👏👏👏🎊️🏑🏆️💪❤️
23/07/2026
ක්‍රීඩා සදහා උසස්පෙල දරුවන් සහභාගී කරවීමට හා ඔවුන්ගේ ක්‍රීඩාව සදහා ඇති ප්‍රවනතාවය වැඩි කිරීමට පාසල් ක්‍රීඩා අංශය විසින් 2026/ 07/ 23 වන දින උසස්පෙල සියලු දරුවන් සදහා දිශානති වැඩසටහනක් (Orientation Program) සාර්තකව සංවිධානය කර තිබුනු අතර එම වැඩ සටහන යටතේ හොකී ක්‍රීඩාව සදහා පැවැත්වූ පුහුනු සැසිය අතරතුර සටහන් කිහිපයක්.
මෙම වැඩසටහන සාර්තකව සංවිධානය කල විද්‍යාලයීය ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පතිතුමියට, ක්‍රීඩා පරිපාලක තුමිය ඇතුලු ක්‍රීඩා අංශය සහා ඒ සදහා සහයෝගය ලබාදුන් උසස්පෙල අංශ භාර නියොජ්‍ය විදුහල්පති තුමන් ඇතුලු සියලුම ගුරු මන්ඩලයටත්, මේ කටයුත්ත සදහා අවසර හා උපදෙස් ලබා දෙමින් අවශ්‍ය කටයුතු සම්පාදනය කල අප ගරු විදුහල්පතිතුමියටත් අපගේ විශේෂ ස්තූතිය මෙයින් පිරිනමමු.
21/07/2026
ධර්මපාල විද්‍යාලයීය හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා වර්ධනය කරගැනීම සදහාත්, අනෙකුත් පාසල් කන්ඩායම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුනින් 2026. 07. 20 සදුදා දින අප පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිරිමි 16 පහල කන්ඩායම සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර සුහද හොකී තරග කිහිපයක් අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්වීය.
- Under 16 (Boys) - 1st Match
Dharmapala BOYS VS POW BOYS
- 02 - 0 (ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐💐
- Under 16 (Boys) 2nd Match -
Dharmapala BOYS VS POW BOYS
- 01- 03 (ධර්මපාල විද්‍යාලය පරාජය වන ලදී)💐💐
- Under 16 (Boys) - 3rd Match
Dharmapala BOYS VS POW BOYS
- 2 - 2 (ජය පරාජයකින් තොරව තරගය නිමාවන ලදී - DROW)💐💐
👏👏👏👏👏👏👏👏👏👏👏🎊️🏑🏆️💪❤️
12/07/2026
ධර්මපාල විද්‍යාලයීය හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ශතා වර්ධනය කරගැනීම සදහාත්, අනෙකුත් පාසල් කන්ඩායම් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුනින් 2026. 07. 09 බ්‍රහස්පතින්දා දින අප පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පිරිමි කන්ඩායම් සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර සුහද හොකී තරග කිහිපයක් අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්වීය.
- Under 18 (Boys) -
Dharmapala BOYS VS Nalanda BOYS
- 04 - 0 (ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐💐
- Under 18 (Boys) 2nd Match -
Dharmapala BOYS VS Nalanda BOYS
- 4- 0(ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐💐
- Under 16 (Boys) -
Dharmapala BOYS VS Nalanda BOYS
- 2 - 0 (ධර්මපාල විද්‍යාලය ජයග්‍රහනය කරන ලදී)💐💐
- Under 16 (Girls) -
Dharmapala GIRLS VS Nalanda under 14 Boys
- 0 - 0 (ජය පරාජයකින් තොරව නිමා විය DROW)
👏👏👏👏👏👏👏👏👏👏👏🎊️🏑🏆️💪❤️
10/06/2026
පසුගිය දිනයන්හීදී පැවති සමස්තලංකා 20 පහල තරග ජයග්‍රහනය කල දරුවන් හා අනෙකුත් හොකී කන්ඩායම් දිරිගැන්වීම සදහා සැමදා හොකී ක්‍රීඩාවට හා ධර්මපාලයීය ක්‍රීඩාවට අත්වැලක් ශක්තියක් වූ "හදවතේ ගුරුතුමිය" ආදි ගුරු "සරෝජා විමලසිරි මහත්මිය" විසින් හොකී දරුවන් සදහා විශේෂ තිලිනයක් සූදානම් කර දරුවන් හට තම දෑතින්ම බෙදාදී තම අත්දැකීම් සමගින් දරුවන්ට ඔවදන්ද ලබා දෙන ලදී. මේ සදහා හොකී භාර ආචාර්ය තුමියද සහභාගී විය.
මෙවන් වූ ජයග්‍රහන වලදී මේ ආකාරයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම හොකී ක්‍රීඩාව හා පාසලේ සියලු ක්‍රීඩාවන් නගාසිටවීමට හා දරුවන්ට තවත් ජයග්‍රහන ගෙන ඒමට මානසික දිරියක් ගෙන ඒමට ඉමහත් පිටුවහලක් වනු ඇත. එවන් වූ අගය කිරීමක් සිදුකල අද අප පාසලේන් විශ්‍රාම ගියද කවදත් "අප හදවතේ ගුරුතුමිය සරෝජා ගුරු මාතාවට" අපගේ භක්ති ආදරය හා ස්තූතිය හා ප්‍රනාමය.... ගුරුතුමියනි ඔබට සදා ජය🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👏👏💪💪💪🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤️🙏
31/05/2026
Heartiest congratulations to Dilanma Ransini Perera on securing the Gold Medal in the Women's 200m event at the 22nd Asian U20 Athletics Championship 2026. This outstanding achievement is a testament to your dedication, hard work, and determination, bringing immense pride to Dharmapala Vidyalaya, Pannipitiya and to the entire nation. Wishing you continued success and many more glorious victories in the years ahead. Congratulations, Champion! 🥇🇱🇰💜💛