C Sport Network

C Sport Network

Share

C Sport Network is a Sri Lankan sports, lifestyles and business related content provider.

21/07/2026

රොනාල්ඩෝ… මෙසි… නේමාර්…

30/06/2026

12/06/2026

02/06/2026

සුභ උදෑසනක් ඔබ සැමට.
මෙවර ප්‍රංශයේ අපි තරග කරපු රේස් කාර් එක. පෙනුමෙන් පරන වෝක්ස්වැගන් එකක්, නමුත් මේක රේස් චැසියක් සහ නවීන තාක්ෂණයෙන් හදපු රේස් කාර් එකක්. තරග කරපු කාර් 61 ජාතික කොඩියක් තිබ්බේ අපේ කාර් එකේ විතරයි. අභිමානයෙන් අපේ ජාතික කොඩිය සමග තරග කලේ.
ඩිලන්ත මාලගමුව

28/05/2026

23/05/2026

16/05/2026

1996 / 2026

23/03/2026

#

18/03/2026

දැන් අපෙනුත් මොනවා හරි ඉගෙන ගනින්!

1999 ජනවාරියේ අදවන් දිනයක ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු තුන්සීයක දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටියහ.

මේ තරගයේදී නැවත වතාවක් මුත්තයියා මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග ප්‍රතික්‍රියා දැක්වූ ආකාරය ගැන එංගලන්ත කණ්ඩායම සිටියේ පහන් හැඟීමකින් නොවේ.

"අද උඹේ හැසිරීම නායකයෙකුට කිසිම විදියකින් ගැළපෙන්නේ නෑ" එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙක් ස්ටුවර්ට් කඩුල්ල පිටුපස සිට රණතුංගට චෝදනා මුඛයෙන් බැන වැදුණේය.

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් තරගය පුරාවටම වචනවලින් එකිනෙකාට පහර දෙමින් සිටියහ.

මෙකී අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටියේ රොෂාන් මහානාම ය.

"ඔය ක්‍රිකට් සෙල්ලම් කරන විදිය නෙවෙයි"

එංගලන්ත කණ්ඩායමේ වින්ස් වේල්ස් මහානාම පසු කරන යන අතරවාරයේ පැවසුවේය.

"අපි උඹලගෙන් මේක ඉගෙන ගත්තේ දැන් අපෙනුත් මොනවා හරි ඉගෙන ගනින්."

මේ අතරවාරයේ පැත්තක සිටි ග්‍රැහැම් හික් ද ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කරගෙන කුණු කතාවක් කීවේය.

"උඹ කට වහගනින්. උඹ දේශ ද්‍රෝහියෙක්." (සිම්බාබ්වේ රටේ උපන් හික් එංගලන්තය නියෝජනය කරන නිසා).

සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේ මෙන්ම ඉන් පිටතදීත් නිවුණු ගති ඇති මහානාම පවා එදා කට වහගෙන සිටියේ නැත.

සනත් ජයසූරිය ගේ වේගවත් ආරම්භය, මහේල ජයවර්ධන ගේ මංගල එක්දින ශතකය, අර්ජුන රණතුංග ගේ කල්පනාකාරී පිතිහරඹය සහ අවසාන පන්දුවාර කිහිපයේ උපුල් චන්දනගේ වේගවත් පිති ප්‍රහාරය හේතුවෙන් තරගයේ අවසන් ඕවරයේ ජයග්‍රහණය ලබාගැනීමට එදා ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

Want your business to be the top-listed Gym/sports Facility in Wellington?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


10 Pelorous Street, Paparangi
Wellington
6037