08/22/2026
සුභ උපන්දිනයක් අම්මි!!! 😘🤍
You are the reason I keep pushing when things get hard. Someday, I’ll make you proud beyond your wildest dreams. ❤️🙌
Olympian
Asian Games, Asian Jr, Asian C'ships GOLD Medalist🥇
🇱🇰🇺🇸
08/22/2026
සුභ උපන්දිනයක් අම්මි!!! 😘🤍
You are the reason I keep pushing when things get hard. Someday, I’ll make you proud beyond your wildest dreams. ❤️🙌
08/02/2026
🇱🇰🤍
08/02/2026
Happy Birthday, Thaththi!! 🥹🫂
No matter where life takes us, you will always be our greatest strength and our safest place. Thank you for every sacrifice, every lesson, and every ounce of love you’ve given us. We love you more than words can say. ❤️♾️
08/01/2026
Congratulations, Champ! 🇱🇰🥇
Thank you for giving Sri Lanka a moment we’ll never forget. Here’s to many more historic moments and an Olympic dream that becomes reality. ❤️🥹
Rumesh Tharanga of Sri Lanka wins Gold in the Javelin with a HUGE throw of 89.75m 😮💨 🇱🇰
07/26/2026
Happy Birthday, Sir! ❤️🎂
Thank you for giving us a foundation that will last a lifetime and for teaching us not only how to compete, but how to live with discipline and character. 💯🙌
Wishing you good health, happiness, and many more blessed years ahead. 🙏
07/21/2026
Thank you for every race, every record, and every proud moment. Sri Lanka will always be grateful. 🇱🇰❤️
Wishing you all the success in your next chapter, champ! 🙌💯
රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කරගන්න ඕනෙ දිනුමක් කියලා. කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකටම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුන්ට ගන්නට බැරි දිනුමක්. මුලින්ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාවය දක්වනවා.
ඔබ හැම දෙනාම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුනේ නෑ , ඔබ සියලුදෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවටම මම ඇත්තටම ලබාගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න , පහන් පත්තු කරපු , යාච්ඤා කරපු හැමදෙනාටම ගොඩක් ආදරෙයි. ඒ හැමදේම මට විශාල ශක්තියක් වුන බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළැලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වගබලාගැනීම මං ඔයාලට ඉටුකළ යුතුකමයි.
ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින්ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරිම සතුටක් දැනෙනවා. මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උනාට , ඒ වගේම මගේ පාසල් දෙකටම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලුම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.
ඒ වගේම මේ ගමනේ පටන්ගැන්මේදී යුද හමුදාව ලබාදුන්න ඒ සහයෝගය මට ලොකු පිටුවහලක් උනා. විශේෂයෙන්ම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ එවක සිටි සහ අදත් සේවයේ සිටින සියලුම නිලධාරීන් සහ සෙසු නිල සියලුදෙනාටම ඒ ලබාදුන්න සහයෝගවලට මං මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.
ඒ එක්කම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට මම ස්තූතිය පුද කරනවා.
මගේ ජයග්‍රහණ (ලංකාවේ ජයග්‍රහණ) වෙනුවෙන් ශ්‍රමය, බලාපොරොත්තු, කාලය, මුදල් වියදම් කරපු සෑම ඉතාලි ජාතික වෘත්තීමය හැමදෙනාටම මම මේ අවස්ථාවේ ආචාර කරනවා.
රටේ ජයග්‍රහණය වෙනුවෙන් (අවංකව) කටයුතු කළ රජයේ අමාත්‍යාංශ වල සහ කමිටු වල සේවය කල සහ දැනට සේවය කරන පිරිසට ස්තූතියි. මා සමග එකට වැඩ කටයුතු කළ සහයෝගය ලබා දුන්න පෞද්ගලික අංශයේ සියලුම දෙනාටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.
ලෝකයේ පුහුණුවීම් කරන්නට මට අනුග්‍රහය දැක්වූ 'TV දෙරණ' මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා, ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු සියලුම දෙනාටත් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටමත් විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.
අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන, නැගී එන සහොදර සහෝදරියන් හැමෝටම අපේ රටේ නම ලෝකයේ දිනවන්නටත්, අපේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයේ අභිමානයෙන් ඔසවා තබන්නටත් ජයග්‍රහණ ලැබෙන්නට කියා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස, රට දැයට ගෙන දුන් ජයග්‍රහණයන් සහ අභිමානයෙන්, මාව ඇති දැඩි කළ මගේ රටට ණය ගෙවන්නට ලැබීම මා තෘප්තිමත් කරයි. එය මගේ අවසන් හුස්ම දාක්වා මා සමග එනු ඇත. එහෙත් මාව පුහුණු කළ මට තාක්ෂණය දුන්, අපේ රටට ආදරය කළ රටවල් සහ මිනිසුන්ට ණයකාරයෙක් වෙන්නට සිදුවීම ගැන මා කණගාටු වෙමි.
තවත් ක්‍රීඩා කරන්න කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසිම විදිහකින් ගැනීමට පහසු තීරණයක් උනේ නෑ.ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක්ද සිද්ධ උනේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු.
ඔයාලා හැමෝටම ස්තූතියි , ආදරෙයි!
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා!
😵🙌
06/26/2026
Happy Birthday to my amazing brother!
Wishing you confidence, courage, and success in everything you do. May this be the year you’ve been waiting for!!🙏
Proud of you always!
Love You!! 🤍😙
🤍🫂