30/11/2025
A SLAF Bell 212 helicopter, which had been engaged in the distribution of dry and fresh rations in the Lunuwila area, made an emergency landing this evening near the Lunuwila Bridge. Five Air Force personnel, including two pilots, were onboard at the time of the incident.
With the assistance of residents in the area, all injured personnel were promptly evacuated and transferred to Maravila Base Hospital for further medical treatment.
Under the directives of the Commander of the Air Force, Air Marshal Bandu Edirisinghe, a board has been appointed and the investigation into the incident has been initiated.
20/07/2025
නන්දෙයි..ලන්දෙයි 🤭
ආනන්දෙයි නාලන්දෙයි කියන්නෙ ඉස්කෝල දෙකක් උනාට නාලන්දෙ උන් ආනන්දෙ ඇතුලෙයි, ආනන්දෙ එවුන් නාලන්දෙ ඇතුලෙයි කරක් ගහන සම්ප්‍රදායක් තිබුනා.
ඒක දන්නෙ කොල්ලො විතරයි. ගුරුවරුන්ට අඳුරගන්න බෑ. මොකද ඉස්සර මේ ඉස්කෝල දෙකේ යුනිෆෝම් වල බැජ් එකක් තිබ්බෙත් නෑ. අහුවුනොත් අහුවෙන්නෙ සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් හරි මූණට මුලිච්චි වෙලා සැකයක් හිතිල,
"ඔය ළමය කොයි පංතියෙද?"
කියල ඇහුවොත් තමයි. නාලන්දෙට පැනල ඉන්න ආනන්දෙ එකෙක් හදිසියට "දහය දෙක" වගෙ කිව්වොත් ඌ මාට්ටු. මොකෝ නාලන්දෙ පංති තිබ්බෙ A, B,C...විදිහට. ඕකෙම අනිත් පැත්ත තමා ආනන්දෙ ඇතුලෙ ඉන්න නාලන්දෙ සමහර එවුන්ට වෙන්නෙත්.
ඔය යාලු ෆිට් එක ලොකුවට තිබ්බ 1999 දි වගේ ආනන්දෙ ප්ලැටූන් එකයි, නාලන්දෙ කැඩෙට් බෑන්ඩ් එකයි අතරත්.
එක වතාවක් ඩී එස් එකේ සම්මාන මුරයකට ආනන්දෙ ප්ලැටූන් එකට ආරාධනාවක් ආවා. නාලන්දෙ බෑන්ඩ් යාළුවෙකුටත් ගාඩ් එකක් ගහන්න ලොකු ආසාවක් තිබ්බ. ඉතිං ඌ ආනන්දෙං වෙපන් ඩ්‍රිල් එහෙම ඉගෙනගෙන, ආනන්දෙ ප්ලැටුන් එක එක්ක ෆෝලින් උනා.කරුමෙට පෙළපාළි දෙවන අණදෙන නිලධාරී විදිහට ආවෙ නාලන්දෙ ඛණ්ඩය භාර නිලධාරි තුමා. පොර අපේ යාළුවා දැකලා කතාකලා.
සර්:
උඹ මොකද ආනන්දෙ අස්සෙ කරන්නෙ?
යාලුවා :
මං ආනන්දෙ සර්. නාලන්ද බෑන්ඩ් එකේ ඉන්නෙ මගෙ අයියා සර්...
සර් සුපිරියටම ඇඳගත්තා.
ඒ අවුරුද්දෙ ආනන්දෙ හර්මන් ලෝස් දිනපු වෙලාවෙ අවසාන පෙළපාළිය බලන්න අපේ නාලන්දෙ යාළුවො ටිකත් ආවා. ඒ සැරේ කඳවුරේ සළාක භාර නිලධාරී විදිහට ආවෙ අර කලිං කියපු නාලන්දෙ සර්...අපේ නාලන්දෙ යාළුවො ටිකත් පෙළපාළිය ඉවරවෙලා ගියා සර්ට කතා කරලා එන්න. අපේ කලිං කතාවෙ යාලුවා දැකපු සර්,
"බලපං උඹලගෙ මල්ලිලා නං කප් එක ගැහුවා උඹලට තමයි මොකුත් බැරි උනේ"
සර් තාම හිතං ඉන්නෙ උගෙ මල්ලි ආනන්දෙ හිටියා කියලා.🤭
✍️
මම නෙවෙයි වෙනකෙනෙක්...
09/11/2024
105 වන හර්මන් ලොස් අභියෝගතා ශූරතා කුසලානය මෙවරත් ආනන්දයට ❤️
17/10/2024
Congratulations
Drill - 2nd place🥈
PT - 2nd place🥈
Best Drill Commander - Capt. NP Ranasingha, winning for the second time in a row
Ananda College Cadet Band
09/07/2024
Proud Anandians Soaring High! Elevating the Ananda Flag above all! ❤️
අනඳ අභිමානය ඉහළින්ම තැබූ අභිමානවත් ආනන්දීයෝ...
ආනන්දීය පාගමන ගුවනේ සිට හැඩකළ ,
බලගණ නායක සහන් අරවින්ද - ආනන්ද 2006 කණ්ඩායම සහ බලගණ නායක තිරන්ජය ප්‍රියරුවන් - ආනන්ද 2010 කණ්ඩායම
01/11/2023
"දැන්වීමයි - ඉංග්‍රීසි බෞද්ධ ශාස්ත්‍ර ශාලාවක්
යුරෝපීය නානාවිධ ශාස්ත්‍රයන්හි විචක්ෂණතාවයක් ඇති සී.ඩබ්ලිව්.ලැබ්බීටර් මහත්මයා ප්‍රධානව රාජකීය ශාස්ත්‍රශාලාවේ ඉගෙන නිපුණභාවයට පැමිණි ශිෂ්‍යයෙක් දෙවැනි ගුරුවරයා කරගෙන කොළඹ මාලිබාන්ත වීථියේ අංක 61 දරණ බෞද්ධ ශාලාවෙහි ඉංග්‍රීසි සහ නොයෙක් ශාස්ත්‍රත් ඉගැන්වීමට ලබන මස පළමු වැනි දින ශාස්ත්‍රශාලාවක් පිහිටවනු ලැබෙයි.
මෙම ශාස්ත්‍රශාලාව සම්බන්ධ වැදගත් සභාවක් මේ මස 23 වැනි සෙනසුරාදා රාත්‍රියේ නවයට යටකී ශාලාවේ රැස්වෙයි. ඒ සභාවේදී ලෝකයාට ශාස්ත්‍රශාලාව සම්බන්ධ තොරතුරු විද්‍යොදය පරිවෙණාධිපති සිප්කඩුවේ නායක ස්ථවිර පාදයන්වහන්සේ මොහොට්ටිවත්තේ ගුණානන්ද සාමින්වහන්සේ ලැබ්බීටර් මහතා යන තුන්පොල විසින් කියා දෙනු ලැබේ.
කොළඹ ඉංග්‍රීසි බෞද්ධ ශාස්ත්‍රශාලාවක් පිහිටුවීමට ආරම්භ කරන පළමුවැනි ප්‍රස්තාව මෙය බැවින් කොයි බෞද්ධ ජනයන් විසිනුත් මේ සභාවට පැමිණිය යුතු බව මතක් කරමු.
මේ ප්‍රස්තාවේදී කිසිම සම්මාදමක් කරනු නොලැබේ."
මේ 1886 ඔක්තෝබර් මස 20 වැනි දින පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම් මුද්‍රණාලයෙන් පිටවූ 'සරසවි සඳරැස' පුවත්පතෙහි පළවූ දැන්වීමකි.
එකී ශාස්ත්‍රශාලාවේ 137 වන වසර සනිටුහන් වූ වගයි.
31/10/2023
⚫️HERMAN LOOS winners 2023! Ananda College Senior Cadet Platoon!
_________________________________________________________________
ශිශ්‍ය භට වසන්තය නැවතත් ආනන්දයට!
පුරා වසර විසි එකක් අපෙන් ගිලිහීගිය අභිමානය නැවත නතුකරගනිමින් 2023 දිවයිනේ හොදම ශිශ්‍යභට කන්ඩයට පිරිනමන හර්මන්ලූස් කුසලානය ආනන්දයේ යුදහමුදා ශිෂ්‍ය භට කන්ඩය දිනා ඇතිබව දන්වන්නේ හද පිරි සොම්නසිනි!
සුභ පැතුම් ❤️❤️
18/07/2023
ආනන්දයෙන් බිහිවූ පළමු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන් ආනන්ද විද්‍යාලයට පැමිණුන අවස්ථා ව සහ පිළිගැනීමේ උත්සවය 2023/07/17