SL Football Arena

SL Football Arena

Share

⚽ ශ්‍රී ලංකාවේ අංක 1 පාපන්දු පාරාදීසය!
📰 නැවුම් පාපන්දු පුවත් විස්තර එකම තැනකින්.
❤️ අපේ ගමනට එකතු වෙන්න Page එක Follow කරන්න!

31/08/2026

ලියොනල් මෙසීගේ සමුගැනීමේ ලිපිය.❤️‍🩹🥺

අවසාන තරයෙන් පස්සේ ගෙවුණු මේ කාලය පුරාවටම ඒ ගැන ගොඩක් හිතලා බලලා මම හැමෝටම කියන්න කැමතියි මම ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නවා කියලා.

මේක හදවතටම ගොඩක් රිදුණු තාමත් රිදෙන තීරණයක්. ඒත් මම තේරුම් ගන්නවා මේ තමයි නියම වේලාව කියලා.මම දිවුරලා කියන්නම් අපි හැමදේම දිනාගත්තු මේ අන්තිම අවුරුදු කිහිපයේ විතරක් නෙවෙයි ඊට කලිනුත් මම මගේ උපරිමයම දුන්නා.
ඔයාලට සතුට ගෙනෙන්නත් පාපන්දු හරහා අර්ජන්ටිනා ජාතිකයෙක් වීම ගැන ආඩම්බරයක් ඇති කරන්නත් මම හැමවෙලේම සටන් කළා මේ කමිසය වෙනුවෙන් මගේ උපරිමයම කැප කළා.තව වැඩි කාලයක් ඉතිරි වෙලා නෑ වෙනස්ම පරිච්ඡේදවල අවසානය ළඟා වෙමින් තියෙනවා.මේක මට ගොඩක් රිදෙන එකක්. ජාතික කණ්ඩායමේ කොටසක් වෙන්න ලැබීම ගැන මම ආදරෙයි.ආදරේ කළා ඒ වගේම හැමදාටම ආදරේ කරනවා.

මම මගේ ළඟ තිබුණු හැමදේම දුන්නා දැන් මට දෙන්න වෙන කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ.මෙහි රැඳී සිටීමට තරම් සුදුසුකම් ඇති විශිෂ්ට තරුණ ක්‍රීඩකයින් පිරිසක් ඉදිරියට එමින් ඉන්නවා.
මේ අවුරුදු 20 පුරාවටම ඔයාලා දක්වපු ආදරයට ගොඩක් ස්තූතියි. පිටිය ඇතුළේ ඉඳන් ඔයාලගේ සද්දේ අහන්න ලැබෙන්නෙ නැති එක මට ගොඩක් පාළු වෙයි. දැන් මමත් ඔයාලගෙන් එක්කෙනෙක් වෙලා හොඳ වෙලාවට විතරක් නෙවෙයි නරක වෙලාවටත් පිටත ඉඳන් හැමදාම සහය දක්වනවා.

මේ ලස්සන නමුත් අභියෝගාත්මක ගමන පුරාවටම මගෙත් එක්කම හිටපු මගේ පවුලේ අයට ගොඩක් ස්තූතියි. මට මුණගැසුණු සෑම පුහුණුකරුවෙකුටම කණ්ඩායම් සගයෙකුටම සහ කළමනාකරුවෙකුටම ස්තූතියි. මම කවදාවත් අමතක නොවෙන මතකයන් සහ මොහොතවල් මාත් එක්ක අරන් යනවා.

අපි කවදාහරි හීන දැකපු මොහොතවල් මගේ කණ්ඩායම් සගයන් එක්ක එකතු වෙලා ඔයාලට දෙන්න පුළුවන් වුණා කියන මානසික සහනය සහ ආඩම්බරය එක්ක මම සමුගන්නවා. ඔයාලත් එක්ක මේ හැමදේම විඳින්න ලැබුණු එක මාරම අත්දැකීමක්. මම ඔයාලට ආදරෙයි!

මාව අර්ජන්ටිනා ජාතිකයෙක් කළාට දෙවියන්ට ස්තූතියි.✨
අර්ජන්ටිනාට ජයවේවා!

(අවසාන තරගයෙන් දවස් දෙකකට පස්සේ ජූලි 21 වෙනිදා තමයි මම මේ වචන ටික ලිව්වේ.)

ආජන්ටිනා ක්‍රීඩක ලියොනෙල් මෙසී🇦🇷❤️

31/08/2026

🚨Breaking News ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී💔🇦🇷

ලියොනල් මෙසී අද සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. 👋🏼

කළ සියලු කැපකිරීම්වලට ස්තූතියි. ඔබ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකි.🥺👑

26/08/2026

රියල් මැඩ්රිඩ් ලෝලීන්ට නම් සුපිරිම දවසක්! 🌪️🤯

කිලියන් එම්බාපේ සුපිරි හැට්‍රික් එකක් සමගින් තමන්ගේ ගෝලීය දායකත්වයන් 101 සපූර්ණ කළා. ⚡️ ඒ වගේම ආයෙත් ගෝල් අතරට ආපු විනීසියස්,ජූඩ් බෙලිංහැම්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාශයත් එක්ක රියල් මැඩ්රිඩ් පිල අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත්තා. 👑🔥

23/08/2026

නව තරග වාරය ආරම්භ කරමින් බාසිලෝනා කණ්ඩායම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා! තරගය පුරාවටම ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ගෝල 5-0 ක පූර්ණ ආධිපත්‍යයක් පතුරා ගැනීමට ඔවුන්ට හැකි වුණා.❤️💙

22/08/2026

නව ලාලීගා තරග වාරය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට රියල් මැඩ්රිඩ් සමත්වෙයි! ⚪️💥

ජූඩ් බෙලින්හැම්ගේ ගෝලයට පසු අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ කාලෝස් එස්පී වාර්තා කළ තීරණාත්මක ජයග්‍රාහී ගෝලයත් සමඟ espanyol පරදවා රියල් මැඩ්රිඩ් කණ්ඩායම සුපිරි ජයක් තහවුරු කරගනී! 🔥

22/08/2026

ලියැන්ඩ්‍රෝ පරේඩෙස්ට තරග 10 ක තහනමක්! ගාවි ඇතුළු පිරිසටත් දඬුවම්!⛔️👨🏼‍⚖️

ස්පාඤ්ඤය සහ ආජෙන්ටිනාව අතර පැවැති තරගයෙන් පසු ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් FIFA ආයතනය විසින් ලබාදුන් තීන්දු

❌ආජෙන්ටිනා පාපන්දු සම්මේලනයට (AFA) ස්පාඤ්ඤයට එරෙහි ලෝක කුසලාන අවසාන මහා තරගයේදී සිදු වූ රෙගුලාසි උල්ලංඝනය කිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 321,000 ක දඩයක් නියම කර ඇත.

❌ ආජෙන්ටිනාව ඉදිරියට මුහුණ දෙන මීළඟ ගෘහස්ථ තරග (Home matches) දෙක සඳහා ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් 50% ක ප්‍රේක්ෂක සංඛ්‍යාවකට පමණක් අවසර හිමිවේ.

⛔️ලියැන්ඩ්‍රෝ පරේඩෙස් (Leandro Paredes) තරග 10 ක තහනමක් සහ ඩොලර් 90,000 ක දඩයක්.

⛔️නහුවෙල් මොලිනා (Nahuel Molina) තරග 7 ක තහනමක් සහ ඩොලර් 90,000 ක දඩයක්.

⛔️පැබ්ලෝ ගාවි (Pablo Gavi) 1 තරගයක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක්.

⛔️තියාගෝ අල්මාඩා (Thiago Almada) 1 තරගයක තහනමක් සහ ඩොලර් 30,000 ක දඩයක්.

⛔️රොබර්ටෝ අයාළා (කණ්ඩායම් නිලධාරී) තරග 3 ක තහනමක්.

⛔️පැබ්ලෝ මාටින් පාඑස් ගවිරා (Pablo Martín Páez Gavira) 1 තරගයක තහනමක්.

12/08/2026

😁💍 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා යුග දිවියට එළඹෙයි!

09/08/2026

හැමෝම කියන්නේ මුළු Tournament එකේම Performance ගැන... ඒත් ඉතිහාසයේ ලියවෙන්නේ Final එකේ Winning Goal එක ගහපු කෙනාගේ නම! Torres වුණත් Final එක වෙනකම් ලොකු Impact එකක් නොතිබුණාට ඒ එක Moment එකෙන් Spain එක Champions ලා කළා. WC Final එකක Goal එකක් කියන්නේ ආයේ කවදාවත් අමතක නොවෙන Legend status එකක්! 🌟🏆

08/08/2026

බාර්සෙලෝනා විසින් නිකම්ම මෙස්සිව හොයාගෙන අත් දෙකම විහිදුවලා La Masia වලට පිළිගත්තේ නැහැ. මෙසිගේ බාසිලෝනා ගමන කටුකයි. 2000 වසරේදී මෙසිට අවුරුදු 13 වෙද්දී මෙසිට Trial එකකට ආරාධනා ලැබෙද්දී ආජන්ටිනාවේ ඉඳන් දුරබැහැර ස්පාඥ්ඥයට යන්න මුදල් මෙසිගේ පවුලට තිබුණේ නැහැ. ඔහුගේ පියා හෝර්හේ මෙසි සිය රැකියාවෙන් අයින් වෙලා තමන් ළඟ තිබුණු දේවල් විකුණලා තමයි ගමනට මුදල් හොයාගත්තේ.

තමන්ට නුහුරු නුපුරුදු පරිසරයකට මෙසි යද්දී මෙසිට ඉන්නේ පියා විතරයි. ඒ වගේම මේ trial එක සාර්ථක වුණේ නැතිනම් මෙසිගේ පියාට සිය මෙසි සමඟ හිස් අතින් ආපසු එන්න වෙනවා.

මෙසිගේ වර්ධක හෝමෝන ඌනතාවය නිසා බාසිලෝනා ක්ලබ් එක මෙසිගේ Trial එක සිදු කළත් වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

මෙසිගේ පියා නොවන්නට බොහෝ දුරට මෙසි බාසිලෝනා සෙල්ලම් කරන්නෙත් නැහැ.

Trial එක අවසන් වෙලත් ක්ලබ් එකෙන් පිළිතුරක් නැති වුණාම හෝර්හේ මෙසි විසින් ක්ලබ් එකේ Sporting Director ව මුණ ගැසිලා මෙසිව ක්ලබ් එකට ගන්න ලොකු වෙහෙසක් දැරුව. නැප්කින් එකක අත්සන් කරලා මෙසිව La Masia වලට ගන්න ගිවිසුම සිදුවෙන්නෙ එහෙම

එක් අවස්ථාවක මෙසිව බාසිලෝනා ගත්තේ නැතිනම් La Fabrica වලටත් අරන් යන්න තීරණය කරලා තිබුණා කියලා බාසිලෝනා වලට ඔහු ඒත්තු ගන්වනවා.

මෙසි පාපන්දු ලෝකයට අඩි තාලම දාද්දී, සාර්ථක වෙද්දි වගේම අසාර්ථක වෙද්දිත් ඔහු පිටුපසින් ඔහුගේ පියා හිටියා.
මෙසිගේ පියා ගොඩක් ඔහුගේ පුතාව රූගත කරන්න ආසයි. ලෝකයා මෙසිව දැනගන්න පෙර ඔහුගේ පළමු කැමරා ශිල්පියා වුණේ පියා.

මෙසිගේ කළමනාකරු වුණේත් ඔහුමයි.

හෝර්හේ මෙසි නොවන්නට අද අප දකින විශිෂ්ට මෙසි නැමති ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ නැහැ.

මෙසි සියල්ල ජයගන්නවා දකින්න ඔහුගේ පියා වාසනාවන්ත වුණා.

2026 ලෝක කුසලානයේදි පළමු ගෝලය ලෙස මෙසි ඇල්ජීරියාවට එරෙහිව වාර්තා කළ ගෝලයෙන් පසුව සංවේදී වූ දර්ශනය මතක ඇති. ඒ පවුලේ කරුණක් නිසා බව පසුව වාර්තා වුණා. මෙසි ගේ පියා ඒ වෙන විටත් දැඩි ලෙස රෝගාතුර වෙලා හිටියා.

මෙවර ලෝක කුසලානයෙදී මෙසිට එරෙහිව විශාල Hate කැම්පෙන් එකක් වගේම බොරු ෆේක් වාර්තා වලින් propaganda නිර්මාණය කරලා තිබුන.

ඒ වගේම මෙසිට වෙඩි තබා ඝාතනය කරන බවටත් ලෝක කුසලාන තරඟ කිහිපයකටම පෙරාතුව තර්ජනය කර ඇති බව දැන් දැන් සමහර මාධ්‍ය වාර්තා දක්වලා තියෙනවා.

ඒ අතරම ආජන්ටිනාව වෙනුවෙන් සියලු දහදිය ඇදලා අවසන් තරඟය පරාජය වෙනවා. මෙසිට අවසන් සති කිහිපය
මානසිකව හොඳ කාලයක් නෙමෙයි.

ඒ සියලු දේවල් වලින් පීඩා විඳිද්දි සිය පියාගේ අසනීපය ගැනත් දැඩි කානසල්ලකින් මෙසි ක්‍රීඩා කළේ.

වසර 5 කට පෙර 2021 අගෝස්තු 8 මෙසිට සිය ආදරණීය බාසිලෝනා ක්ලබ් එකෙන් නික්ම යන්න සිදු වෙනවා.

වසර 5 කට පස්සේ 2026 අගෝස්තු 8 මෙසිගේ පියා ඔහුගෙන් සමුගන්නවා.

මෙසි කියන්නේ පවුල මූලික කරගෙන ඉන්න චරිතයක්. පවුල අංක ඒකට තියපු චරිතයක්. එහෙම කෙනෙක්ට සිය පියා අහිමිවීම සෑහෙන හිඩැසක්.

ලියනොල් මෙසි කෙනෙක් ලෝකයට බිහි වෙන්නේම හෝර්හේ මෙසිගේ අප්‍රතිහත කැපවීම නිසා.

අද 68 වන වියේදී මෙසිගේ පියා මිය ගිහින් තියෙනවා.

මෙසිව ලෝකයට බිහිකරලා ඔහුව ලෝක පාපන්දුවේ විශිෂ්ටයෙක් කරන්න කැපවුණු හොර්හේ මෙසි ඔබට සුබ ගමන්..

1958 - 2026 💐 🕊️

Pasindu herath

07/08/2026

🚨𝐁𝐑𝐄𝐀𝐊𝐈𝐍𝐆: රොද්‍රිගේ පළමු තේරීම බාසිලෝනා!🔵🔴

මැන්චෙස්ටර් සිටි (Manchester City) සුපිරි මැදපෙළ ක්‍රීඩක රොද්‍රි රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට වඩා බාසිලෝනා වෙත එක්වීමට කැමැත්ත පළ කර තිබේ! 🤯✨

ඔහුගේ මෙම තීරණය පිළිබඳව මැන්චෙස්ටර් සිටි සහ රියාල් මැඩ්රිඩ් යන කණ්ඩායම් දෙකම මේ වන විටත් දැනුවත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මොකක්ද මේ Transfer එක පිටුපස තියෙන කතාව?

Frenkie de Jong ගේ ආබාධයත් සමඟ බාසිලෝනා පිල Rodri කෙරෙහි දක්වන උනන්දුව තවත් වැඩි වී තිබේ.

Hansi Flick ගේ Tactics සහ Barcelona වල Playstyle එකට තමන් ඉතා හොඳින් ගැළපෙන බව Rodri විශ්වාස කරයි.

කෙසේ වෙතත් මේ Deal එක Complete කරගන්න නම් Barcelona ලාට ලොකු මූල්‍ය අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා.

Euro මිලියන 60–70 අතර Offer එකකට Man City එකඟ වීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.

ඔයාලගේ අදහස මොකක්ද?

Rodri බාසිලෝනා ආවොත් මේ පාර Hansi Flick ගේ Team එක නවත්තන්න පුළුවන් වෙයිද? Comment එකක් දාගෙන යන්න! 💭👇

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy
20000